Watch Sri Lanka VS India Live Cricket Streaming online

-->

Friday, August 21, 2009

පාලිත පෙරේරා ක්‍රීඩා විස්තර විචාරයෙන් සමුගනියි

පාලිත පෙරේරා ප්‍රවීණ නිවේදකයෙක්. ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරකයෙක්. ඒ මතු නොව අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට සිය කටහඬින්, බුද්ධියෙන් භාෂා හැකියාවෙන් දායකත්වය ලබාදුන් ප්‍රබලයෙක්.

බටහිර ජාතීන්ගෙන් අපට දායාද වුණු ක්‍රිකට් ක්‍රීඩාව සිංහලකරණය කිරීමේදී අද අප භාවිතා කරන බොහෝ වචන ඔහුගේ ම නිර්මාණ පසුගියදා නිමාවුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු කම්පැක් කුසලාන අවසාන මහා තරගයේදී ගුවන් විදුලියේ ක්‍රීඩා විකාශය ඔස්සේ සජීවීව විස්තර විකාශය ගෙන ආ පාලිත පෙරේරා එය තමාගේ දිවියේ අවසන් සජීවී ගුවන් විදුලි විස්තර විකාශය බව සඳහන් කළා.

විස්තර විචාරකයකු ලෙස තමන්ට ම සුවිශේෂී වූ අනන්‍යතාවක් ගොඩනඟාගත් නිවේදන ක්ෂේත්‍රයේ මේ ප්‍රවීණයා පිළිබඳව විස්තරයක් ඉදිරි ‘රසඳුන’ කලාපයක පළ කරමු.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.